නවතම පුවත්

ඉදිරි මාස 3 තුළ රටේ ආහාර සුලභ වෙයි – මුදල් ඇමති

Roshan

Roshan

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

බැඳුම්කර වංචාවේ මුදල් රාජසන්තක කළා සේම තවත් එවැනි වංචා නීත්‍යනුකූලව ඔප්පු වුවහොත් ඒවායෙහි වත්කම් රාජසන්තක කිරීමට තමා කිසිසේත් පසුබට නොවන බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (22) පාර්ලි‍මේන්තුවේදී පැවසීය.

අයවැය දෙවන වර විවාදය අවසන් වීමෙන් අනතුරුව සිය අවසන් අයවැය කතාව කරමින් මුදල් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

සංචාරක, අපනයනය, විදේශ රැකියා හා ආයෝජන සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් ජනාධිපතිවරයා විසින් පත්කරනු ඇති බව ද මුදල් ඇමතිවරයා එහිදී කීය.

එමෙන්ම ඉදිරි මාස දෙක තුන  තුළ එළවළු, පලතුරු, බිත්තර, කුකුල් මස් මාළු කරවල ආදී වෙළෙඳපොළේ සුලබ කිරීමට ප්‍රමුඛත්වය දෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ද මුදල් ඇමතිවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් මුදල් ඇමතිවරයා මෙලෙස පැවැසීය.

“ඉදිරියේදී මුදල් නීති  පනත ආදායම් බදු පනත සහ චක්‍ර ලේඛන උපදෙස් සකස් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. අපි දැනට මුහුණ දී ඇති අභියෝග අතර විදේශ විනිමය ගැටළු පිළිබඳව අපි ඉදිරිපත් කරපු විසඳුම්වලට අමතරව විපක්ෂයෙනුත් අලුත් යෝජනාවක් ඉදිරිපත් වුණේ නැති වුණත් ඒවා පිළිබඳව තව දුරටත් අවධාරණය කරා. විශේෂයෙන්ම සංචාරක, අපනයනය, විදේශ රැකියා හා ආයෝජන පිළිබඳව සඳහන් කළා. ඒවා ඉදිරියට ශක්තිමත් කිරීම සඳහා දැනට බාධාවක් වෙලා තියෙන අනවශ්‍ය නීති සරල කිරීමටත් ඒ සඳහා දිය හැකි දිරිගැන්වීම් ඉදිරි කාලයේ දී ලබාදීමට අපි කටයුතු කරන බවත් ඒ සඳහා ජනාධිපතිතුමා මෙම කාර්යය සතර සඳහා විශේෂ කාර්ය කාර්ය බලකායක් පත් කරනු ඇති කියලා අපි බලාපොරොත්තු වෙනවා. වර්ෂාව නිමවීමත් සමඟ වහාම ක්‍රියාත්මක වන පරිදි වගා සංග්‍රාමයක් දියත් කර ඉදිරි මාස දෙක තුන  තුළ එළවළු, පලතුරු, බිත්තර, කුකුල් මස් මාළු කරවල ආදී වෙළෙඳපොළේ සුලබ කිරීමට ප්‍රමුඛත්වය දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.

කොළඹ තියන සීතල කාමර කාමරවල ඉඳගෙන තීන්දු ගන්නේ නැතිව අපි ගමට මේ කටයුත්ත භාර දීල තියෙන බව සඳහන් කරනවා.  උතුරු නැගෙනහිරට අයවැයෙන් විශේෂ ව්‍යාපෘතියක් ගැන සදහන් කරලා නෑ කියලා උතුරු නැගෙනහිර නියෝජනය කරන මන්ත්‍රීන් සදහන් කළා. අපි උතුරු නැගෙනහිර කියලා වෙන් කරන්නේ නැහැ මුළු රටම එකක් කියලා අරගෙන තමයි සෑම ගමකටම සියල්ලටම එක විදිහට වෙන්කලේ. සමහර පසුගාමි ප්‍රදේශ තිබුණා මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ කාලයේදී පසුගාමී ග්‍රාම විදියට සලකපු උතුරු-නැගෙනහිර විශේෂිත ව්‍යාපාර සංවර්ධන වැඩපිළිවෙළ දියත් කරපු නිසා තමයි නැගෙනහිර නවෝදය, උතුරු වසන්තය යටතේ රටේ අනිත් ප්‍රදේශ තත්වයට ගේන්න පුළුවන් උනේ. උතුරට නැවත යාල් යාල්දේවිය ගෙනිච්චේ මහින්ද රාජපක්ෂ කාලේ. චම්පික රණවක විදුලිබල ඇමති කාලය චුන්නාකම් දක්වා ලයින් එක ගෙනියලා 365 දවසම විදුලිය දෙන විදියට උතුරටත් විදුලි බලය දුන්නේ මහින්ද රාජපක්ෂ  ජනාධිපතිතුමාගේ කාලේ. අපිත් එක්ක ඉන්නවද නැද්ද කියන එක නෙවෙයි අපි සියලු දෙනාටම එක වගේ සලකනවා. සියලු දෙනාම ආදරයෙන් මතක් කරනවා. යම් විදියකින් අපි බැඳුම්කර වංචාවේ මුදල් රාජ සන්තක කරා වගේ තව යෝජනා තියනව නම්  මෙතන සඳහන් වුණා, ඒවා නීත්‍යානුකූල ඔප්පු වුණොත් මම පසුබට වෙන්නේ නැහැ. ඒවා පවරගන්න සියලුම දේවල් ඔබ පාර්ලිමේන්තුවට එනවා එහිදී අපට ඡන්දෙ දෙන්න අයවැයට අත උස්සන්න එහිදී අපි සියලු දේ ගොඩනගමු.”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්