ඉදිරි මැතිවරණයට යුරෝපා සංගමයේ කණඩායමක් දිවයිනට

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා යුරෝපා සංගමය නිරීක්ෂකයින් 30 දෙනෙකු යොදවා ඇතිබව එම සංගමයේ ප්‍රකාශිකාවක මාධ්‍ය වෙත පැවසීය .

යුරෝපීය සංගමයේ මෙම මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුම (EU EOM) දිගු කාලීන හා කෙටි කාලීන ලෙස වෙන් වෙන්ව ක්‍රියාත්මක කෙරෙන බවද ප්‍රකාශිකාව සඳහන් කර ඇත.

මෙම මෙහෙයුම පෘතුගාලයේ යුරෝපීය පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රධාන නිරීක්ෂක මරිසා මාටියාස් සහ නියෝජ්‍ය ප්‍රධාන නිරීක්ෂක දිමිත්‍රා අයොන්නෝ ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වේ,.