නවතම පුවත්

ඉදිරි සති දෙකේ කොවිඩ් මරණ තවත් ඉහළට! – PHI සංගමය

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් ආසාදිතයන් ඉහළ යාම හරහා මේ වනවිට රෝහල් පද්ධතිය අර්බුදයට ගොස් ඇති බවත්, මෙම තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් අවාසනාවන්ත තත්වයක් ඇතිවිය හැකි බවත්  ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවා ඇත .

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ ආසාදිතයන් වාර්තා වීම සහ මරණ සිදුවීම පාලනය කිරීමට නම් සංචරණ සීමා දැඩි කිරීම කඩිනමින් සිදුකළ යුතු බවය

තීරණ ගැනීමට පසුබට වන සෑම අවස්ථාවකම තවත් ජීවිත කිහිපයක් අහිමි විය හැකි බව පෙන්වා දෙන උපුල් රෝහණ මහතා පවසන්නේ සියල්ලටම වඩා ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම වැදගත් බවය.

ඉදිරි දින 14 තුළ මරණ සංඛ්‍යාව සහ ආසාදිතයන් සංඛ්‍යාව සීග්‍ර ලෙස ඉහළ යාහැකි බවත් මේ නිසා සියලුම සමාජ ඒකරාශීවීම් අත්හිටුවීම, පළාත් අතර සංචරණය සම්පූර්ණයෙන් අත්හිටුවීම සිදුකළ යුතු බවද ඔහු සඳහන් කර සිටී .

සංචරණ සීමා ඉතා දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම ඉතා කඩනමින් කල් නොමරා කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයද  අවධාරණය කර සිටී .
එසේ නොකර සිටීම සුළුකොට නොතැකිය යුතු බව නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් අවධාරණය කර ඇත

එසේ කිරීම මගින් බලාපොරොත්තු වන්නේ , දැනට උච්චතම අවස්ථාවට පැමිණ ඇති ප්‍රතිකාර කිරීමේ හැකියාව යම් කිසි තරමකට හොද මට්ටමක පත්වනු ඇති බවය .

සංචරණ සීමා ප්‍රතිඵලදායීවීමට නම් ඉතා දැඩි ලෙස ක්‍රියාත්මක කරන ඇඳිරි නීති තත්ත්වයක් වුවද ප්‍රකාශ කිරීමට සිදුවිය හැකි බවද තම විශ්වාසය බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

එම සංගමය රජයෙන් ඉල්ලා සිටින්නේ කොරෝනා පාලනය සඳහා අවශ්‍ය නීතිමය කටයුතු මෙන්ම අනෙකුත් දැඩි ක්‍රියාමාර්ග ගැන , රෝගීන් ප්‍රමාණය මෙන්ම මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතින මෙම අවස්ථාවේ නැවත සිතා බැලිය යුතු බවය.

මාත්‍රා දෙකක් ලබාදී අවසන්වීම මගින් සංඛ්‍යාත්මක ලෙස එන්නත්කරණය අවසන් කිරීමට බලාපොරොත්තු වන ජනගහණ ඉලක්කය කරා ළඟා වීමට තව දෙතුන් මසක් පමණ ගතවන බව ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කර ඇත

එම සංගමය අවධාරණය කර සිටින්නේ , එම කාලය ළඟා වනතුරු තවදුරටත් රෝගය පැතිරීම වැළැක්වීම සඳහා සංචරණ සීමා දැඩි ලෙස පැනවීම අපට ඇති ප්‍රධානම අවිය ලෙස සැලකිය යුතු බව සිය හැඟීම බවය.

රෝගීන්ගේ ප්‍රමාණය ඉතා වේගයෙන් වැඩි වෙමින් තිබෙන අතර එම හේතුවෙන් සෞඛ්‍ය පද්ධතිය කඩ වැටිය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයද  අනතුරු අඟවා ඇත .

අද (10) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවේ සමාජය තුළ රෝගීන් සිටින බැවින් සෑම කෙනෙකුටම කොවිඩ් වෛරසය ඇති බව සලකා කටයුතු කළ යුතුව ඇති බවය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්