ඉන්දයීය ධීවරයන් 9ක් අත්අඩංගුවට ගනියි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

යාපනය ඩෙල්ෆ් දුපතට නුදුරෙන් වු මුහුදු තීරයේ අනවසරයෙන් මසුන් අල්ලමින් සිටි ඉන්දයීය ධීවරයන් නව දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන්ට අයත් ධීවර යාත්‍රා (Dhow) දෙකක් (02) ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් පිරිස ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙත රැගෙනවිත් වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතව තිබේ.

රමේෂ් වරල්ලෙගම