ඉන්දියානු මහ බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 400 ක ණයක් ලබා ගැනීමට මෙරට රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
. මේ පිළිබඳව මාධ්‍ය කල විමසීමකදී මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල පැවසුවේ දෙරටේ මහ බැංකු අතර විනිමය හුවමාරු ණය වැඩසටහන යටතේ එම ණය මුදල ලබා ගැනීමට නියමිත බවය.
මීට පෙර ඉන්දියානු මහ බැංකුවෙන් ලබාගෙන තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 400 ක මුදලක් ඉකුත් පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව පියවා දමනු ලැබු බවද ඒ මහතා සඳහන් කළේය ..