නවතම පුවත්

ඉන්දියානු වෛද්‍යවරු 201 කොරෝනාවෙන් මියගිහින් හිටපු ජනාධිපති ප්‍රනාබ් මුකර්ජිටත් කොරෝනා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොවිඩ් -19 වසංගතයට ගොදුරුවීමෙන් ඉන්දීය වෛද්‍යවරු 201 දෙනෙකු මියගොස් තිබේ. ඉන්දීය වෛද්‍ය සංගමයේ මහලේකම් වෛද්‍ය ආර්.වී අසෝකන් මහතා උපුටා දක්වමින් එරට ඒ.එන්.අයි පුවත්සේවය මේ බව වාර්තා කර ඇත.

එසේම තවත් වෛද්‍යවරුන් 17 ,064 දෙනෙකු එම වයිරස ආසාදනය වී රෝහල්වලට ඇතුළත් නොවී සිටින බවද ඉන්දීය වෛද්‍ය සංගමයේ මහලේකම්වරයා කියා සිටී.

එබැවින් වෛද්‍යවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට ක්‍රියාකරන ලෙස, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය ඉල්ලා සිටී.

ඉන්දීය වෛද්‍ය සංගමයේ මහලේකම් වෛද්‍ය ආර්.වී. අශෝකන් ඒ.එන්.අයි පුවත් සේවය වෙත වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ “වසංගතයක් මධ්‍යයේ වෛද්‍යවරුන්ට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව අවධානය යොමු කිරීම සඳහා අපි අගමැතිට ලිපියක් ලිව්වා. අසනීප වී සිටින වෛද්‍යවරුන්ට ප්‍රතිකාර සඳහා අවධානයක් යොමුවී නැහැ.ඔවුන් රෝහල්වලට පවා ඇතුළත් කර නැහැ. ඔවුන්ට විශේෂ අවධානයක් හා ප්‍රමුඛතාවයක් ලබා දිය යුතුයි. ආසාදිත වෛද්‍යවරුන් 17, 064 ක් සිටින අතර අද වෛද්‍යවරුන් 201 ක් මියගිහිං පසුගිය පැය 24 තුළදී කොරෝනා ආසාදිතයින් 64,000ක් හඳුනාගෙන ඇති අතර මේ වනවිට ඉන්දියාවෙන් හමු වී ඇති මුළු ආසාදිතයින් ගණන 2,153,010.

මේ අතර ඉන්දියාවේ හිටපු ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි මහතාට කොවිඩ් -19 වයිරසය ආසාදිත වී ඇති බවට තහවුරු වී ඇතැයි එන්.ඩී.ටී.වී පුවත් සේවය වාර්තා කර ඇත.

84 හැවිරිදි වියේ පසුවන හිටපු ඉන්දීය ජනාධිපතිවරයා මේ වන විට ස්වයං නිරෝධායනයට යොමුව ඇත.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව තහවුරු කර ඇති අතර පසුගිය සතියේදී තමාව පෞද්ගලිකව හමුවූ සියලු දෙනාම ස්වයං නිරෝධායනයට සහ කොවිඩ් පරීක්ෂණයකට යොමු වන්නැයි  ඉල්ලීමක් කර ඇති බව එන්.ඩී.ටී.වී පුවත් සේවය  වාර්තා කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්