ඉන්දියාවෙන් එන අයට  ලංකාවට ඇතුළු වීම තහනම් 

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
සෞඛ්‍ය අංශවලින් ලද උපදෙස් අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්දියාවේ සිට පැමිණෙන කිසිදු සංචාරකයෙකුට මෙරටට ගොඩ බැසීමට අවසර නොදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කර සිටි
සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් මේ බව සියලුම ගුවන් සේවා සමාගම්  වෙත දැනුම් දී ඇති බවද  වාර්තා වේ.
මෙය තාවකාලික තහනමක් බවද , ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තියේ යම් අඩුවක් දක්නට ලැබෙන තුරු මෙය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද අධිකාරිය සඳහන් කර ඇත .