නවතම පුවත්

ඉන්දියාවෙන් තවත් එන්නත මාත්‍රා ලක්‍ෂ 25ක් ඇනවුම් කරයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඇස්ට්‍රො සෙනිකා කොවිෂීල්ඩ් එන්නතෙන් තවත් මාත්‍රා  ලක්ෂ 25ක් ඉන්දියාවෙන් ඇනවුම් කර ඇති බව මෙරට  කොවිඩ් රෝග පාලන හා ප්‍රාථමික සෞඛ්‍ය සේවා අමාත්‍යාංශය සඳහන් කර සිටී .
එහි ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් එම එන්නත් ඇණවුම් කර ඇති බවය.

එම එන්නත් තොගය මසක් ඇතුළත මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බව ද ඔහු පැවසුවේ ය.

විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, තවත් එන්නත් මිලියන 3.5 ක් ඇණවුම් කිරීම සදහා සැලසුම් කර ඇති බවයි.

මෙම ඇණවුම් දිවයිනට ලැබීමත් සමග වයස අවුරුදු 60 ට වැඩි ජනගහණයට එන්නත්කරණයට හැකි බව ඔහු ප්‍රකාශ කළේ ය..

ඒ අනුව ඊයේ දිනය අවසන් වනවිට මෙරට එන්නත්කරණය කළ සමස්ත සංඛ්‍යාව 37,825 කි.

අදත් රෝහල් 100දී එන්නත් ලබාදීම සිදු කිරීමට නියමිතය  .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්