නවතම පුවත්

ඉන්දියාවෙන් තවත් ඩොලර් මිලියන 900ක මූල්‍ය පහසුකම් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා හමු වී ඉන්දීය සංචිත බැංකුව විසින් ලබාදුන් ඇ.ඩො.මිලි. 900කට අධික පහසුකම යන සන්දර්භය තුළ ශ්‍රී ලංකාවට ඉන්දියාවේ ශක්තිමත් සහයෝගීතාවය අවධාරණය කළේය.

ඒ අනුව ඇ.ඩො. මිලි. 500කට අධික ආසියානු නිෂ්කාෂණ සංගම් (Asian Clearing Union – ACU) ගෙවීම් කල්දැමීම සහ ඇ.ඩො. මිලි. 400ක විනිමය හුවමාරු පහසුකම මෙයට ඇතුළත් වේ.

මෙම පියවර ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්වයට පත් කිරීම සහ ආර්ථික වර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාවට සහය ලබාදීම සඳහා ඉන්දියාවේ ශක්තිමත් කැපවීම හා සමපාත වන බව ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා පැවසීය.

ආසියානු නිෂ්කාෂණ සංගමය යනු ශුද්ධ බහුපාර්ශ්වික පදනමක් මත සහභාගී වන මහ බැංකු අතර අන්තර් කලාපීය ගනුදෙනුවලට අදාළ ගෙවීම් පියවීම සඳහා වන ගෙවීම් විධිවිධානයකි. නිෂ්කාශන සංගමයේ ප්‍රධාන පරමාර්ථ වන්නේ සුදුසුකම් ලත් ගනුදෙනු සඳහා සාමාජික රටවල් අතර ගෙවීම් සඳහා පහසුකම් සැලසීම, එමඟින් විදේශ විනිමය සංචිත භාවිතය සහ හුවමාරු වියදම් පිරිමැසීම මෙන්ම සහභාගී වන රටවල් අතර වෙළඳ සහ බැංකු සබඳතා ප්‍රවර්ධනය කිරීම යි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්