නවතම පුවත්

ඉන්දියාවෙන් තෙල් එයි – විදුලි කප්පාදුව මාස තුනකට නවතී !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

ඉදිරි මාස තුන තුළදී විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (15) පස්වරුවේ පැවසීය.

විදුලිබල මණ්ඩලයට අඛණ්ඩව ඉන්ධන ලැබීම, පෞද්ගලික විදුලි ජනන යන්ත්‍ර ජාතික විදුලි පද්ධතියට එක්කිරීම සහ විදුලිය අරපිරිමැස්ම යන උපකල්පන මත විදුලිය කප්පාදු නොකිරීමේ තීරණයට එළඹි බවත් කිසියම් හේතුවක් මත මෙගාවොට් 100 ක විදුලි ජනන යන්ත්‍රයක් අක්‍රිය වුවහොත් කප්පාදුවක් සිදු නොවන අතර මෙගාවොට් 200 ක විදුලි ජනන යන්ත්‍ර අක්‍රිය වුවහොත් දිනකට පැයක ද, මෙගාවොට් 300 ක විදුලි ජනන යන්ත්‍රයක් අකීය වුවහොත් දිනකට පැය එකහමාරක් ද විදුලිය කප්පාදු කිරීමට කිරීමට සිදුවන බව ජනක රත්නායක මහතා වැඩිදුරටත් කීය.

මේ අතර මෙරට ඉන්ධන අවශ්‍යතාවය සදහා අවශ්‍ය ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ඉන්දීය රජය විසින් අද(15) කොළඹ වරායේ දී භාරදෙනු ලැබීය.

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දියාවෙන් දීමට නියමිත ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය මුදල ලැබෙන තුරු මෙම ඉන්ධන තොගය භාරදෙන බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.

ස්වර්ණ පුෂ්ප නෞකාවෙන් රැගෙන ආ මෙම ඩීසල් තොගය ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා වෙත භාරදෙනු ලැබීය.

වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාද මෙම අවස්ථාවට සහභාගී විය.

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි