නවතම පුවත්

ඉන්දියාවෙන් බස් රථ 500ක් සහ ජීප් රථ 150ක් ශ්‍රී ලංකාවට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ආසන 32 නව බස්රථ 500ක් මිල දී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

2020 වසරේ ජනවාරි මස 8 වනදා ඒ සඳහා අනුමැතිය හිමිව ඇති අතර, බස්රථ මිල දී ගැනීම සඳහා පූර්ව සුදුසුකම් සපුරන ලද ආයතන 3කින් ලංසු කැඳවා තිබේ.

ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය පදිරි එම බස්රථ මිලදී ගැනීමේ ප්‍රසම්පාදනය ඉන්දියාවේ අශෝක් ලේලන්ඩ් සමාගම වෙත ලබාදීමට ද ප්‍රවාහන අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහා ජීප් රථ 150 ක් ඇතුළුව ශ්‍රී ලංකා පොලිසිය සඳහා ජීප් රථ 750 ක් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය (Indian Line of Credit) යටෙත් මිල දී ගැනීම පිණිස 2020 නොවැම්බර් මස 16 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව ඉන්දියානු අපනයන ආනයන බැංකුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති සමාගම් වෙතින් ලංසු කැඳවා ඇති අතර, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ ප්‍රසම්පාදනය ඉන්දියාවේ මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්