නවතම පුවත්

ඉන්දියාවෙන් ලංකාවට ඩො.බිලියන 3ක් ලැබිලා – මිලියන 560ක්ම තෑගි

අසංක

අසංක

නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ ඉන්දියානු ආධාරයෙන් ඉදිකරන ලද පළමු ආදර්ශ ගම්මානය වන ගම්පහ දිස්ත්‍රික්කයේ රනිඳුගම විවෘත කර සාදා නිම කරන ලද නිවාස ප්‍රතිලාභීන් වෙත ඊයේ භාර දෙන ලදී.

නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා, ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිනි ගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය හා වැඩ බලන ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් වෛද්‍ය ශිල්පක් අම්බුලේ මැතිතුමා එක්ව මෙම ගම්මානය විවෘත කර ප්‍රතිලාභීන් වෙත නිවාස භාර දුන්හ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක්, බස්නාහිර පළාතේ නායකයින්, රජයේ නිලධාරීන් සහ එම ප්‍රදේශවාසීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ශ්‍රී ලංකා රුපියල් මිලියන 1200 ක ඉන්දියානු ආධාර යටතේ දිවයින පුරා ආදර්ශ ගම්මාන 100 ක් ඉදිකිරීම සඳහා ඉන්දියානු රජය නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සමඟ අත්වැල් බැඳගෙන ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ නිවාස 2400ක් ඉදිකිරීමට නියමිතය. ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය යටතේ උතුරු හා නැගෙනහිර පළාත්වල යුද්ධයෙන් පීඩාවට පත් ජනතාව සහ වතුකරයේ කම්කරු ජනතාව වෙනුවෙන් ඉදිකරන ලද නිවාස 60,000 ට අමතරව මෙම නිවාස 2400 ඉදිකෙරෙනු ඇත.

මාතර, රුහුණු විශ්ව විද්‍යාලයේ ඉදිකළ ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක් සතු විශාලතම ශ්‍රවණාගාරය ඇතුළුව සෞඛ්‍ය, අධ්‍යාපනය, නිවාස, නිපුණතා සංවර්ධනය, යටිතල පහසුකම්, වෘත්තීය පුහුණුව ආදි විවිධ ක්‍ෂේත්‍රයන්හි ජනතා කේන්ද්‍රීය සංවර්ධන ව්‍යාපෘතින් 70 කට අධික ප්‍රමාණයක් ඉන්දියාව විසින් රට පුරා ක්‍රියාවට නංවා ඇත. එවැනි ව්‍යාපෘතීන් 20 ක් පමණ දැනට ක්‍රියාත්මක වෙමින් පවතී. ඉන්දියානු රජය විසින් ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 3 කට ආසන්න ප්‍රමාණයක් ලබා දී ඇති අතර එයින් ඇමරිකානු ඩොලර් මිලියන 560 ක්ම නැවත නොගෙවිය යුතු ප්‍රදානයන් වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්