නවතම පුවත්

ඉන්දියාවේ ඇමතිවරු පස්දෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉන්දියාව මෙතෙක් වාර්තා වූ ඉහළම දෛනික නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලෙස ආසාදිතයන් 67,000ක් ඊයේ දිනයේ වාර්තා කර තිබුණි.

ඒ අනුව මේ වනවිට එරට තුළ හඳුනාගෙන ඇති සමස්ත නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,396,637ක් බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

එසේම එංගලන්තය අභිභවා කොවිඩ්-19 මරණවලින් සිව්වැනි ස්ථානය වෙත ඉන්දියාව පැමිණ ඇත්තේ මරණ 47,033ක් වාර්තා කරමිනි.

තවද නව කොරෝනා ආසාදනය වී ඇති ඉන්දීය රජයේ අමාත්‍යවරුන්ගේ ලැයිස්තුවට එරට ආයුර්වේද අමාත්‍ය ශ්‍රීපාද් යෙස්සෝද පෙරේදා එකතු වී තිබේ.

ඉන්දියාවේ දේශීය වෛද්‍ය ක්‍රම, යෝගා සහ හෝමියෝපති යන විෂයයන් සම්බන්ධයෙන් ක්‍රියාකරන අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් තමාට වෛරසය ආසාදිත බව කියා සිටියේය.

ඒ අනුව එරට අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍ය අමිට් ෂා ද ඇතුළුව නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුවේ අමාත්‍යවරුන් පස් දෙනෙකුට මේ වනවිට නව කොරෝනාව වැලඳී තිබේ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්