නවතම පුවත්

ඉන්දියාවේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන්ට සහනයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාවේ විශ්ව විද්‍යාල සහ වෙනත් ආයතන වල ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසු සිසුවියන් පිළිබඳ සංගණනයක් ආරම්භ කිරීමට ඉන්දියාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය සහ කොන්සල් ජනරාල් කාර්යාලය සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඉන්දියාවේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට යම් සහායක් අවශ්‍ය වෙතොත් එහිදී ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට මැදිහත් වීමට මෙම ලියාපදිංචිය වැදගත් වන බව මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ එම නිවේදනයේ දැක්වේ.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය,නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය සහ කොන්සල් ජනරාල් කාර්යාලය ලබා දී ඇති වෙබ් අඩවි සබැඳිය ඔස්සේ සිසු සිසුවියන්ට ලියාපදිංචි විය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

ඉන්දියාවේ සිටින තම දූ දරුවන් දැනුවත් කරන ලෙස ශ්‍රී ලංකාවේ සිටින දෙමාපියන් මෙම නිවේදනය මගින් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය දනුවත් කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්