නවතම පුවත්

ඉන්දියාවේ දිනක් තුළ වැඩිම කොරෝනා සිද්ධි වාර්තා කරයි – මරණ 97යි – රෝගීන් 4200ක්

අසංක

අසංක

ඉන්දියාවේ දිනක් තුළ වාර්තා වූ වැඩිම නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව ගෙවී ගිය පැය 24 තුළ වාර්තා වී තිබේ.

ඒ අනුව වයිරස් රෝගීන් 4,213 ක් හා මරණ 97 ක් වාර්තා වී ඇත.

එරට තුළ මේ වන විට රෝගීන් 67,152 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෑත දශක කිහිපය තුළ ලෝකයට දරුණු ලෙස බලපෑ බෝවන රෝගවලින් එකක් වන මෙමගින් ඉන්දියාවේ සිදු වූ මරණ සංඛ්‍යාව 2,206 දක්වා ඉහළ ගොස් තිබේ.

අද පෙරවරුවේ ප්‍රතිසාධන අනුපාතය 31.14% ක් වූ අතර එය පසුගිය ඉරිදා වාර්තා වූ 26.59% ට වඩා සැලකිය යුතු දියුණුවක් බව එරට වාර්තා සඳහන් කරයි.

කොරෝනා වයිරස් තත්ත්වය හේතුවෙන් සීමාකිරීම් ලිහිල් කිරීම සඳහා තවත් පියවරක් තබමින් ඉන්දියාව හෙට සිට සීමිත මගී දුම්රිය සේවාව නැවත ආරම්භ කිරීමට සූදානම් වේ.

ඒ සඳහා ඔන්ලයින් වෙන්කිරීම් අද ආරම්භ වේ.

මැයි මස 17 වන දින රටපුරා අගුලු දැමීමේ තෙවන අදියර අවසන් වීමට දින කිහිපයකට පෙර මෙම පියවර ගෙන තිබේ.

මාර්තු 25 වන දින සිට සීමාකර ඇති මගී සේවා “විශේෂ” දුම්රිය 15 කින් (ගමන් 30 ක්) දිල්ලියෙන් පිටත් වී ඇසෑම් නගර සම්බන්ධ කරමින් ආරම්භ වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්