ඉන්දියාවේ දූවිල්ලෙන් ලංකාව අඳුරුවේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

“මැන්ඩුවොස්” නම් සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ කාලගුණයට ද බලපෑම් එල්ලවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ ශිරෝමණී ජයවර්ධන පැවසුවේ මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රීකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ ගිණිගොණ දිග සහ නිරිතදිග බෙංගාල බොක්ක යන ප්‍රදේශ සඳහා එහි බලපෑම වැඩි වශයෙන් ඇති බවයි.

මේ අතර ඊයේ දිනයේ ද කොළඹ ඇතුලු ප්‍රදේශ රැසකට තද මීදුම් තත්ත්වයක් දක්නට ලැබුණා.

ඊට හේතුවී තිබුණේද මෙම සුළි කුණාටු තත්ත්වයයි. ඉන්දියාවේ සිට පැමිණෙන සුළං ප්‍රවාහය හේතුවෙන් මෙරට වායුගෝලයේ දූලි අංශු ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ ශිරෝමණී ජයවර්ධන පැවසුවේ.

මෙම දූලි අංශු හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක යම් අඳුරු ස්වභාවයක් ඊයේ දිනයේද දක්නට ලැබුණා.