නවතම පුවත්

ඉන්දියාවේ දෛනික ආසාධිතයින් ලක්ෂය ඉක්මවයි ! හේතු හොයන්න විමර්ශන කණ්ඩායම් පත්කෙරේ ,

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාවෙන් දෛනිකව හමුවූ වැඩිම කොරෝනා ආසාධිතයින්   සංඛ්‍යාව ඊයේ වාර්තාවී ඇත  , ඒ අනුව ඊයේ දින එරටින් වාර්තාවූ ආසාධිතයින් සංඛ්‍යාව 103,793 ක්වේ .

ඉන්දියාවේ දෛනික  ආසාදිතයන් ප්‍රමාණය ලක්ෂය ඉක්මවා ගිය පළමු අවස්ථාවද මෙය වන අතර මෙම ආසාදිතයන්ගෙන් බහුතරයක් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වී තිබෙ

ඉන්දියාව පුරා ඉතා සීග්‍රයෙන් කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙමින් තිබියදී නැවත කොවිඩ් වෛරසය හිස එසවීම හේතුවෙන් ඉන්දීය සෞඛ්‍ය බළධාරීන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටී.

මේ හේතුවෙන් යළි නීති දැඩි කිරීමට තීරණය කර තිබෙන අතර මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය තුළ දැනටමත් සංචරණ සීමා පනවා තිබෙ. ඒ අනුව සතිඅන්තයේදී සහ රාත්‍රී කාලයේදී ප්‍රාන්තය පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර සංචරණ සීමා දැඩි කර තිබෙ

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ එකවර ආසාදිතයන් ඉහළ යාම සඳහා හේතු වූ කරුණු පිළිබඳව විමර්ශනය කිරීම සඳහා නරේන්ද්‍ර මෝඩි අග්‍රාමාත්‍යවරයා විසින් විශේෂ විමර්ශන කණ්ඩායමක්ද පත්කර ඇති අතර . ඔවුන් මේ වනවිටත් ප්‍රාන්තය වෙත ගොස් සිය විමර්ශන ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත

ඉන්දියාවෙන් මේ දක්වා කොවිඩ් ආසාදිතයන් මිලියන 12.6 ක් වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ ප්‍රමාණය 165,132 කි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්