මත්පැන් අලෙවි කිරීමේදී “කොරෝනා ගාස්තුව: සියයට 70ක විශේෂ බද්දක් අය කිරිමට නව දිල්ලි බලධාරින් තීරණය කර ඇත.
මෙම විශේෂ බද්ද අය කිරීම . අද (05) සිට ආරම්භ කිරීමටද එම බලධාරීන් සැලසුම් කර ඇත .
සති 05කට පසුව ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්තයේ මත්පැන් අලෙවිසැල් ඊයේ විවෘත කිරීමත් සමග සමාජ දුරස්ථභාවය ගැන තැකීමක් නොකොට බොහෝ පිරිස් මත්පැන් මිලට ගැනීමට ක්‍රියා කිරීම හේතුවෙන් මෙම නව බද්ධ අයකිරීමට දිල්ලි බලධාරීන් තීරණය කර ඇත .
කොරෝනා වෛරසය ව්‍යාප්තිය මැඩලීම සඳහා ගනු ලැබූ ක්‍රියා මාර්ග , උල්ලංඝනය කිරීමට බොහෝ පිරිසක් ඊයේ දින කටයුතු කල බවත් මත පැන් පානයද ඊට බලපෑ බවත් දිල්ලි පොලිසිය සඳහන් කර ඇත.
මේ වන විට ඉන්දියාවේ කොරෝනා ආසාදිත රෝගීන් 46,433ක් සිටින අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 1,568ක්වේ .