ඉන්දියාවේ සිට අදත් ඖෂධ තොගයක් එයි

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

දියවැඩියා රෝගීන්ට අවශ්‍ය ඉන්සියුලින් තොගයක් අද ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වනු ලැබීය.

එලෙස ගෙන්වන ලද ඉන්සියුලින් 140,000 ක ප්‍රමාණයක් අද සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදෙන බවද රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේය.

ඊට අමතරව ඇණවුම් කර ඇති තවත් අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් ඉදිරි සති කිහිපය තුළ ලැබීමට නියමිත බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ ය.