නවතම පුවත්

කොරෝනා මඬින්න ලොව ප්‍රමුඛ එන්නත් නිෂ්පාදන සමාගම් 2ක් වැඩට බහී

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

නව කොරෝනා වෛරසය මැඩලීමට එන්නතක් නිපදවීම සඳහා , ලොව ප්‍රධානතම හා ප්‍රමුඛතම එන්නත් නිෂ්පාදකයින් වන ග්ලැක්සෝ ස්මිත්ක්ලයින් හා සැනොෆි , යන ආයතන දෙක ,ඒකාබද්ධව ,සුවිශේෂී වැඩපිළිවෙලක් දියත් කර ඇත.

දැනටමත් මෙම එන්නත නිපදවීමේ මූලික අදියරයන් ආරම්භකර ඇති බවත් , මාස කිහිපයක් තුල මෙම එන්නත මිනිසුන් සඳහා අත්හදාබැලීමට හැකිවනු ඇති බවත් සැනොෆි සමාගමේ ප්‍රධාන විධායක පෝල් හඩ්සන් මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

මෙම කටයුත්ත සඳහා එන්නත් නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛතම ආයතන දෙක මෙසේ ඒකාබද්ධ වීම ඓතිහාසික පියවරක් වන බවත් , ඒ අනුව එන්නත සාර්ථකවූ පසුව එය මිලියන ගණනින් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය හැකියාව හා ධාරිතාව මෙම ආයතන දෙක සතුව ඇති බවත් හඩ්සන් මහතා ජාත්‍යන්තර මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ග්ලැක්සෝ ස්මිත් ක්ලයින් ආයතනයේ එමා වොල්ම්ස්ලි මහත්මිය සඳහන් කර ඇත්තේ , මෙය පෙර නොවූ විරූ ආකාරයේ එකමුතුවක් වන බවයි.

” කොරෝනා පරාජය කිරීමට එන්නතක් නිපදවීම තනිවම කරන්න බැහැ එම නිසා අපගේ ආයතනයන් දෙක එකට එක්වී මෙම අභියෝගය ජය ගැනීමට තීරණය කළා, මෙම එන්නත සොගනීම මෙන්ම එය ලොව පුරා පවතින අවශ්‍යතාවය අනුව මහා පරිමාණයෙන් නිපදවීමටද කටයුතු කල යුතු වෙනවා. ඒ සඳහා අවශ්‍ය සම්පත් අප සතුව තිබෙනවා. ලබන වසර වනවිට එම නිෂ්පාදන කටයුතු ආරම්භ කල හැකිවේවි යයි අප විශ්වාස කරනවා ” යයිද එමා වොල්ම්ස්ලි මෙහිදී සඳහන් කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්