නවතම පුවත්

ඉන්දියාවේ 71 වන මහාබෝධි මහෝත්සවය අති උත්කර්ෂවත් ලෙස පැවැත් වේ.

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාවේ මධ්‍යප්‍රදේශ් හි පිහිටි සාංචි චේතියගිරි විහාරස්ථානයේ වාර්ෂික ” මහාබෝධි මහෝත්සවය ඊයේ (25) අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වින. ඉන්දීය මධ්‍යප්‍රදේශ් රජය හා මහාබෝධි සංගමය එක්ව 71 වැනි වරටත් සංවිධානය කරන මධ්‍යප්‍රදේශ් ප්‍රධාන ආගමික උත්සවය මෙය වේ..

ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති,ජපානයේ ප්‍රධාන සංඝනායක හා සාංචි චේතියගිරි විහාරාධිපති අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමිපාණන් වහන්සේගේ සහ මධ්‍ය ප්‍රදේශයේ පොලිස් අධ්‍යක්ෂ ජෙනරාල් අනුරාධා ශංකර් සිංහ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අග්‍ර ශ්‍රාවක ධාතු වන්දනාව සහ ප්‍රදර්ශනය ආරම්භ කෙරින.

එම අවස්ථාවට රයිසන් දිස්ත්‍රික්කයේ කලෙක්ටර් පරිපාලන නිලධාරී) අරවින්ද් කුමාර් ඩුබේ මහතා ද එක් විය.. ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ මහ ලේකම් ජනාධිපති නීතිඥ ඩිල්ෂාන් ජයසූරිය මහතා ද උප සභාපති චන්න කළුගම්පිටිය මහතා ද සහභාගි වූහ.

සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ගේ ධාතූන් වහන්සේලා ලෝකවාසී බෞද්ධ ජනතාවට වන්දනා කර ගැනීමට වසරකට වරක් පමණක් හිමි වන අවස්ථාවකි මෙ⁣ය.ඉන්දීය අග්‍රාමාත්‍ය දිවංගතශ්‍රී ජවහල්ලාල් නේරු තුමාගේ ඉල්ලීම පරිදි 1952 වසරේ සිට සෑම වසරකම නොවැම්බර් මාසයේ අවසන් සෙනසුරාදා සහ ඉරිදා දිනවල මෙම සාංචි මහබෝධි මහෝත්සවය පැවැත්වේ.

මීට සමගාමීව ලෝකයේ රටවල් රැසක හා ඉන්දියාවේ ප්‍රාන්තවල කලාකරුවන් සහභාගිවන සංස්කෘතික ප්‍රසංගයක් ද පැවැත්වුණි.ඊටත් මෙවර ජපානය ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ ඉන්දියාවේ වෙනත් ප්‍රාන්තවල කලාකරුවන්ගේ ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම් පැවැත්වුණි.

ඉන්දියාව,ජපානය,ශ්‍රී ලංකාව,වියට්නාමය,ජපානය,සිංගප්පූරුව,තායිලන්තය ඇතුළු රටවල් රැසක ස්වාමීන් වහන්සේලා,සහ බැතිමතුන් ද ඉන්දියාවේ ප්‍රාන්ත රැසක බෞද්ධ භික්ෂූන් භික්ෂුන් වහන්සේලා දහසකට ආසන්න පිරිසක් එක්විය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්