අසල්වැසි රටවල් කිහිපයක් සඳහා ඉන්දියාවේ නිෂ්පාදිත කොවිඩ් එන්නත් හෙට සිට සැපයීමට ඉන්දීය රජය කටයුතු යොදා ඇත .
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ඖෂධ නියාමන ආයතනයේ අනුමැතිය මෙම එන්නතට මෙතෙක් ලැබී නොමැති බැවින් මෙරටට එම එන්නත ලබාදීමට හැකියාවක් නැති බවද ඉන්දීය විදේශ අමාත්‍යංශය නිවේදනය කර ඇත .
ශ්‍රී ලංකාව වෙතින් එම අනුමැතිය ලැබුණු වහා කොවිඩ් එන්නත ශ්‍රී ලංකාවටද සැපයීමට තම රජය බලාපොරොත්තු වන බවත් ඉන්දිය රජය නිවේදනයක් නිකුත් කරමින් අද සඳහන් කර ඇත . .
අසල්වැසි සහ මිත්‍ර රටවල් කිහිපයකින් ඉන්දියාවේ නිෂ්පාදිත කොවිඩ් එන්නත් සඳහා මේ වනවිටත් අනුමැතිය හා ඉල්ලීම් ලැබී ඇති බවත් ඒ අනුව භූතානය, මාලදිවයින, බංග්ලාදේශය, නේපාලය සහ සීෂෙල්ස් යන රටවල් සඳහා ආධාර යටතේ එන්නත් සැපයීම හෙට සිට අරඹන බවත් ඉන්දීය විදේශකටයුතු අමාත්‍යාංශ මෙහිදී නිවේදනය කර ඇත
ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය සහ මුරුසිය සඳහා එන්නත ලබාදීම අදාළ නියාමන අනුමැතිය ලැබුණු පසු ආරම්භ කරන බවත් එම නිවේදනයේ දැක්වේ