නවතම පුවත්

ඉන්දියාව ඉදිරියටත් ශ්‍රී ලංකාවේ විශ්වාසදායි මිතුරෙක් – ජෙයිශංකර්

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා සිය එක්දින සංචාරය නිමාකර ඊයේ (20) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.

සංචාරය පිළිබඳ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර තිබුණේ තමාගේ නව ධුර කාලයේ පළමු ශ්‍රී ලංකා සංචාරය ඉතාමත් ඵලදායී ව නිමා කළ බවය.

එක් දින සංචාරයක් සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා ඊයේ මෙරටට පැමිණියේය.

පළමුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසුණු ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී සාකච්ඡාවල නිරත වුණි.

එමෙන්ම දෙරටේ විදේශ අමාත්‍යවරුන් අතර හමුවක් ද පැවති අතර එහිදී විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීමට එකඟවී තිබේ.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුව පැවැත් වුණේ ඉන් අනතුරුවය.

මෙරට දෙමළ පක්ෂ නියෝජිතයින් ද ඊයේ පස්වරුවේ ඉන්දීය විදේශ අමාත්‍යවරයා මුණගැසුණු අතර එම අවස්ථාවට ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරු සහ විපක්ෂය නියෝජනය කර මන්ත්‍රීවරු පිරිසක් එක්විය.

සංචාරය පිළිබඳ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර තිබුණේ තමාගේ නව ධුර කාලයේ පළමු ශ්‍රී ලංකා සංචාරය ඉතාමත් ඵලදායීව නිමා කළ බවය.

එහිදී ඔහු වැඩිදුරටත් දක්වා ඇත්තේ ඉන්දීයාව ඉදිරියටත් ශ්‍රී ලංකාවේ විශ්වාසදායි මිතුරෙකු ලෙස කටයුතු කරන බවය.

11
සූර්යබල විදුලිය මෙගාවොට් දහසක් ජාතික පද්ධතියට
Covid India
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය ගැන ඉන්දියාවේ මතය මෙන්න !
IMF
ශ්‍රී ලංකාව ගැන IMF සතුටෙන් !
image-13
විදේශීය බැඩ්මින්ටන් පුහුණුකරුවෙකුට ජාතික පුහුණුකරු පහරදීමට තැත් කරයි.
Ranil_Wickremesinghe
BREAKING🔴LIVE | ජනාධිපති ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය
image-11
සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් රාගල ශාඛාව නව නිවහනකට
image-10
සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් වෙසක් උත්සවයට රට පුරා දන්සැල් රැසක් පවත්වයි !
inflation decrease
උද්ධමනය පහළ ගිහින්
image-9
වසර 16කට පසු කොදෙව් ක්‍රීඩිකාවන්ට එරෙහිව ශ්‍රී ලංකාව පූර්ණ තරගාවලි ජයක්
image-8
පියුමි හිරවෙයි !