‘ඉන්දියාව එක්ක පැටලෙන්න ඕනෙකමක් නෑ’- ඉම්රාන් ඛාන්

Picture of අසංක

අසංක

ඉන්දියාව සමග යුද්ධයක පැටලීමට තම රටට කිසිදු අවශ්‍යතාවයක් නැතැයි පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අවධාරණය කර සිටී.

පකිස්ථානය සහ ඉන්දියාව දෙරටම න්‍යෂ්ටික අවි සතු රටවල් බැවින් දෙරට අතර යුධමය තත්ත්වයක් සමස්ථ ලෝකයටම තර්ජන එල්ලකරනු ඇතැයිද පකිස්තානු අගමැතිවරයා මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

කිසිඳු ගැටලුවකට යුද්ධය පිළියමක් නොවන බව ද පැවසූ පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා යුද්ධයක ජයග්‍රාහකයා පරාජිතයකු බව ද ජාත්‍යන්තර මාධ්‍ය වෙත සඳහන් කර ඇත,