නවතම පුවත්

ඉන්දියාව කොවිඩ් අර්බුදය ජයගනු ඇතැයි විශ්වාසයි – ජනාධිපති ගෝඨාභය

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මේ වනවිට ඉන්දියාව මුහුණදෙන අර්බුදකාරී තත්වයෙන් ගොඩඒමට ඉන්දීය අගමැතිවරයා ප්‍රමුඛ රජයට හා ජනතාවට හැකියාව ඇති බව තමා විශ්වාසකරන්නේ යැයි  ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටී

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතා වෙත විශේෂ ලිපියක් යොමුකරමින් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර ඇත

ඉන්දියාව මුහුණ දී සිටින කොවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් තමා  දැඩි සංවේගයට පත්ව සිටින බවද ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම ලිපියේ සඳහන් කර ඇත

කෙසේ වෙතත්  මනා කැපවීමක් සහිත විද්වතුන් සහ වෘත්තීයවේදීන්ගේ සහයෝගයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාගේ  නායකත්වය යටතේ ඉන්දියාව මෙම අර්බුදයට සාර්ථකව මුහුණ දෙනු ඇතැයි  විශ්වාස කරන බවද .මෙම ලිපිය මගින් රාජපක්‍ෂ මහතා අවධාරණය කර ඇත

ශ්‍රී ලංකාවේ මහා සංඝරත්නය ඉන්දීය ජනතාව වෙනුවෙන් රතන සූත්‍රය දේශනා කිරීමට සූදානම් වන බව ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා ඉන්දීය  අග්‍රාමාත්‍ය මෝදි මහතාට මෙහිදී  දන්වාඇත .

මූලික සැලැස්මට පෙර ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කිරීමට ශ්‍රී ලංකා රජයට අවස්ථාව උදා කරමින් ඉන්දියාව විසින් පරිත්‍යාග කරන ලද ඉන්දියාවේ නිෂ්පාදිත කොවිඩ්-19 එන්නත් මාත්‍රා 500,000 සම්බන්ධයෙන්  ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් ඉන්දියාවට හෘදයාංගම කෘතවේදීත්වය පළ කර සිටින බවද රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කර ඇත

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්