ඉන්දියාව පැරදූ ශ්‍රී ලංකාව ආසියානු කුසලානයේ ඉදිරියට

Picture of අසංක

අසංක

ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ඉන්දියාව සමඟ අද (06) පැවැති තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පන්දුවාරයේදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් විය.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 173 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් රෝහිත් ෂර්මා ලකුණු 72 ක්, සූර්යකුමාර් යාදෙව් ලකුණු 34 ක්, හාඩික් පාන්ඩ්‍යා හා රිෂාබ් ලකුණු 17 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිල්ෂාන් මදුෂංක කඩුලු 3 ක්, දසුන් ශානක හා චාමික කරුණාරත්න කඩුලු 2 ක බැඟින් ගැනීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 57 ක්, පැතුම් නිස්සංක ලකුණු 52 ක්, නායක දසුන් ශානක ලකුණු 33 ක් හා භානුක රාජපක්ෂ ලකුණු 25 ක් ලබා ගැනීමට සමත් වුණා.