නවතම පුවත්

මෙරට මානව හිමිකම් ගැන ජගත් සංවිධානයේ නවතම නිවේදනය මෙන්න !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව තීරණාත්මක සන්ධිස්ථානයක සිටින අතර නව රජය වගවීම මෙන්ම ආයතනික සහ ආරක්ෂක අංශයේ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ප්‍රගතියක් ලබා ගත යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය පවසන්නේ බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දි සිටින ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස්වල මානව හිමිකම්වලට දැඩි බලපෑම් එල්ල කර ඇති බවයි. එමෙන්ම රට තුළ මානව හිමිකම් සහ ප්‍රතිසන්ධානය ඉදිරියට ගෙන යාම සඳහා ජාතික සංවාදයක් පැවැත්විය යුතු බව ද අදාළ වාර්තාවේ සඳහන් වනවා.

වර්තමාන අභියෝගවලට මුහුණ දීම සඳහා සහ අතීතයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නැවත සිදු නොවීමට මූලික වෙනස්කම් සිදුකිරීම අවශ්‍ය බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සිය වාර්තාව මගින් පෙන්වා දි තිබෙනවා.

දැඩි ආරක්ෂක නීති මත යැපීම සහ සාමකාමී විරෝධතා මර්දනය කිරීම අවසන් කිරීමටත්, මිලිටරිකරණය දෙසට ඇති ප්‍රවාහය ආපසු හැරවීමටත් පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බව ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්. එමෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සාමකාමී විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම ද නිරීක්ෂණය කර ඇති බව අදාළ නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය මාලාව පිළිබඳ සත්‍යය තහවුරු කිරීමේ ප්‍රගතියක් නොමැති බවත් මානව හිමිකම් කාර්යාලය ජාත්‍යන්තරයේ සහාය ඇතිව මෙන්ම වින්දිතයින්ගේ සහ ඔවුන්ගේ නියෝජිතයින්ගේ පූර්ණ සහභාගීත්වයෙන් ස්වාධීන හා විනිවිද පෙනෙන පරීක්ෂණයක් සිදුකළ යුතු බව ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්