නවතම පුවත්

ඉන්දියාව ලොව විශාලතම කොවිඩ් එන්නත්කරණ වැඩසටහන අරඹයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලොව විශාලතම කොවිඩ් එන්නත්කරණ වැඩසටහන අද (16) දින ඉන්දියාවේදී  ආරම්භ විය ..

අද දින තුල පමණක් ඉන්දියානුවන් 165000 කට අධික පිරිසකට කොවිඩ් එන්නත ලබාදීමට  ඉන්දීය සෞඛ්‍ය අංශ සමත්ව ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර ඇත .

මෙම එන්නත්කරණ වැඩසටහන සඳහා ඉන්දීය සෞඛ්‍ය සේවකයින් 170000කට ආසන්න පිරිසක්  අද දින තම ශ්‍රම දායකත්වය ලබාදුන් අතර එන්නත අසාත්මික වීමක් පිළබඳව කිසිදු වාර්තාවක් අද දින තුල නොලැබුණු බවද ඉන්දීය සෞඛ්‍ය  අමාත්‍යංශය සඳහන්  කර සිටී .

මෙම එන්නත්කරණ  වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට අන්තර්ජාලය හරහා එක්වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා අවධාරණය කර සිටියේ කොවිඩ් වෛරසයට එරෙහි සටන ජය ගැනීම සඳහා ඉන්දීය සෞඛ්‍ය සේවකයින් , වෛද්‍යවරුන් හා විද්‍යාඥයින් ලබාදෙන සහය ඉතා විශිෂ්ඨ බවයි .

 

India launches one of the world's largest Covid-19 vaccination campaigns

 

එන්නත්කරණ වැඩසටහනේ පළමු අදියර යටතේ  සෞඛ්‍ය  හා හදිසි අංශවල රැකියාවන්හි නිරතවන කෝටියකට අධික පිරිසකට  එන්නත ලබාදීමට සැලසුම් කර ඇති බවත් ඉන්දීය  සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කර ඇත .

ඉන් අනතුරුව පොලීසිය, ආරක්ෂක අංශ, නගරසභා සේවකයින් හා තවත් ඉදිරිපෙළ සේවකයින් කාණ්ඩ කිහිපයක්  වෙත එන්නත ලබාදීමට ඉන්දීය රජය සූදානමින් පසුවන අතර එම අදියරෙන්  පසු වයස අවුරුදු 50 ඉක්මවූ පිරිස් සහ වයස අවුරුදු 50ට අඩු නමුත් අවදානම් සෞඛ්‍ය තත්ත්වයන් සහිත පිරිස් ඉලක්ක කෙරෙනු ඇත.

මෙලෙස ලබන අගෝස්තු මාසය වනවිට මිලියන 300ක පිරිසකට එන්නත ලබාදීම ඉන්දීය රජයේ අපේක්ෂාව වී ඇති බවද එරට මාධ්‍ය වාර්තා කර ඇත ..රජයේ සෞඛ්‍ය මධ්‍යස්ථාන, පාසල්, විද්‍යාල, මංගල උත්සව ශාලා ඇතුලු තෝරාගත් ස්ථාන තුළ එන්නත්කරණ වැඩසටහන ක්‍රියාවට නැංවේ.

ලක්ෂ 6 ඉක්මවූ පුහුණු නිලධාරීන් ප්‍රමාණයක් මෙම එන්නත්කරණය සඳහා ශ්‍රම දායකත්වය ලබාදෙනු ඇති අතර කොවැක්සීන් හා කොවිශීල්ඩ් යන එන්නත් දෙවර්ගයම මෙම වැඩසටහනට ඇතුලත් කර ඇති ඇත .

 

COVID-19 Vaccination in India Today LIVE Updates: Beginning of End of COVID:  India's Vaccination Drive to Start Soon

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්