ඉන්දියාව හා පකිස්ථානය අතර න්‍යෂ්ටික යුද්ධයක් ?

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කාශ්මීරයේ පෙහෙලෙගාම්හිදී සිදුවූ 26 දෙනෙකු ඝාතන සිදුවීමෙන් පසු ඉන්දියාව හමුදා ආක්‍රමණයක් සිදු කිරීමට ආසන්න බව පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා පවසයි.

පාකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා මුහම්මද් අසිෆ් එරට මාධ්‍ය වෙත ඊයේ පවසා ඇත්තේ මෙම තත්වය මත පාකිස්තානයද සිය හමුදා සීරුවෙන් තබා ඇති බවයි.

පවතින තත්ත්වය තුළ සමහර උපායමාර්ගික තීරණ ගත යුතු බවත් හෙතෙම සදහන් කරයි.

‘පාකිස්ථානයේ පැවැත්මට සෘජු තර්ජනයක් තිබේ නම් තම න්‍යෂ්ටික අවි භාවිතා කරනු ඇති’ යයිද හෙතෙම පවසා ඇත.