නවතම පුවත්

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සංචාරක බුබුලක් .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සංචාරක බුබුලක් තුළ සංචාරකයින් හුවමාරු කරගැනීම සඳහා දැනටමත් සාකච්ජා ආරම්භ වී තිබෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කර සිටී .

මේ වන විට සංචාරකයින් සඳහා රට විවෘත කර ඇති පසුබිමක ඕනෑම රටකින් මෙරටට සංචාරය සඳහා පැමිණිය හැකි නමුත් ඇතැම් රටවල් තවත් රටකට සංචාරය සඳහා යාම තවදුරටත් අත්හිටුවා තිබෙන පසුබිමක සංචාරය සඳහා විශ්වාසය ඇති රටක් බවට ශ්‍රී ලංකාව පත්කරගැනීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටී

මෙරට ජනතාවගෙන් 56%කට එන්නත ලබා දිය හැකි බවට සෞඛ්‍ය අංශ පවසා තිබෙන හෙයින් එම එන්නත්කරණය සිදුකර සංචාරය සඳහා ආරක්ෂිතම රට බවට ශ්‍රී ලංකාව පත්කරගත හැකි බවද හෙතෙම කියා සිටි.

ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ  සහ අගමැතිවරයාගේ  අවධානය  යොමුව තිබෙන අතර සෞඛ්‍ය අමත්‍යාංශය ඒ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා පැවසීය .

පවතින තත්ත්වය හමුවේ තද නීති රීති හමුවේ සංචාරක කටයුතු පවත්වාගෙන යන අතර ලබන අත්දැකීම් අනුව ක්‍රමානුකූලව පුළුල් කරන බවද රණතුංග මහතා ප්‍රකාශ කර සිටී

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි