ඉන්දීය අගමැතිගේ සහය සජිත්ටයි – සුජීව සේනසිංහ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දමිල ප්‍රගතිශීලී සන්ධානය අද හැටන් නගරයේදී අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහය පළ කරමින් සිය ප්‍රචාරක කටයුතු හැටන් නගරයෙන් අද (06) ආරම්භ කළා. එහිදී රැළිය ඇමතූ සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කලේ ඉන්දීය අගමැතිවරයාගේ සහය ද ඇත්තේ අමාත්‍ය සජිත් ප්‍රේමදාසට බව ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන බවත් ප්‍රකාශ කලා.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

අවුරුදු 25ක් මේ රටේ එක්සත් ජාතික පක්ෂයේ නායකයෙක් නැහැ. කඳුකරයේ විතරක් නෙමෙයි රටේ කොතැනක වුවත් ඒ ජනතාව දුක් විදිනවා. දිගම්බරම් වගේ ඔබලාගේ නායකයින් මේ කඳුකරයේ ජනතාවට පර්චස් 07ක ඉඩමක ගෙයක් හදා ගන්න නිවාස 15000ක් හදලා දෙන්න ඉන්දියාවෙන් උදව් ඉල්ලුවා. එතකොට ඉන්දියාවේ අගමැති මෝදී මහත්තයා කිව්වා හොරකම් නොකරන සජිත් ප්‍රේමදාස මහත්තයා වගේ කෙනෙක් මේ රටේ නායකයා වුනොත් තවත් නිවාස 50,000ක් හදන්න උදව් කරනවා කියලා.