නවතම පුවත්

දුම්රිය වර්ජනය දින 10 යි පාඩුව කෝටි 15 යි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ගෙවී ගිය දින දහයක් තුල දුම්රිය දෙපාර්තමේන්තු ශ්‍රේණි පහක් සිදුකළ වැඩවර්ජනය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි පහළොකවකට අධික මුදලක් අහිමි වී තිබෙන බව දුම්රිය තාක්ෂණ ශිල්පී සංගමය සඳහන් කරයි.

වැටුප් විෂමතාවක් මුල්කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග සිදුකරන බවත්, අදාළ ගැටලුවලට විසඳුම් ලබාදීම කැබිනට් මණ්ඩලයේ හා පාලකයන්ගේ ප්‍රධානම වගකීමක් බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් එම්.ඒ. රත්නසිරි මහතා පැවසීය.

වැඩවර්ජනයේ නිරත සේවකයන් නියෝජනය කරන ශ්‍රේණිවලට අමතර තම සේවාව ඇතුළු බොහෝ ශ්‍රේණිවලට විශාල ගැටලු ප්‍රමාණයක් ඇති වී තිබෙන බවත්, එහෙත් පාලකයන්, බලධාරීන් ඒ පිළිබඳ කිසිදු සොයාබැලීමක්වත් සිදුනොකරන බවත් හෙතෙම පවසා සිටියේය.

දුම්රිය වැඩවර්ජනය නිසා දෛනිකව දුම්රිය දෙපාර්තමේන්තුවට අය විය යුතු ප්‍රවේශපත්‍ර ගාස්තු, භාණ්ඩ හා තැපැල් ප්‍රවාහන ගාස්තු, ආපන ශාලා ගාස්තු, තෙල් ප්‍රවාහන දුම්රියන්වලට ලැබෙන ආදායම් සම්පූර්ණයෙන්ම අහිමි වී ගොස් තිබෙන බවත්, මීට අමතරව මේ මාසයට අදාළ වාර ප්‍ර‘වේශපත්‍ර නිකුත් කිරීමද ඇනහිට තිබෙන බවත් ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්