නවතම පුවත්

ඉන්දීය අගමැති, එරට දේශීය වශයෙන් නිෂ්පාදිත කොවැක්සින් එන්නත ලබාගනී .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද පෙරවරුවේ දිල්ලියේ පිහිටි ඒම්ස් රෝහලේදී කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගෙන තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ සම්පූර්ණයෙන්ම දේශිය නිෂ්පාදනයක් ලෙස එරට භාරත බයෝ⁣ටෙක් ආයතනය නිෂ්පාදනය කළ කොවැක්ෂින් එන්නත ඔහු විසින් මෙහිදී ලබාගෙන ඇති බවය.

ඉන්දීය කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩපිලිවෙළ යටතේ වයස අවුරැදු හැටට වැඩි සහ වයස අවුරැදු 45ට වැඩි විවිධ දුර්වලතාවයන්ගෙන් පෙලෙන අයට අද සිට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගත් හැක

ඒ අනුව වයස අවුරැදු 60ට වැඩි කාණ්ඩය යටතේ අවුරැදු හෑත්තෑවක් වයසැති අගමැති නරේන්ද්‍ර මෝදි මෙලෙස එන්නත ලබාගෙන තිබේ.

ඉන්දියාවේ කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩපිලිවෙළ යටතේ මේ වනවිට සෞඛ්‍ය ඇතුලු ඉදිරිපෙළ සේවකයන් කෝටි එකහමාරකට අධික පිරිසකට එන්නත් ලබාදී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්