අදානි ව්‍යාපාර සමූහය ඇතුළු ඉන්දියාවේ මහා පරිමාණ සමාගම්වලට සිය ගොවි බිම් අත්පත් කර ගැනීමට ඉඩ සැලසෙන පරිදි සකසා ඇති නව නීති වෙනස් කරන ලෙස ඉල්ලමින් ඉන්දීය ගොවි ජනතාව ආරම්රභ කර ඇති අරගලය හේතුවෙන් මේ වනවිට මියගොස් ඇති ගොවීන්ගේ සංඛ්‍යාව 21 වන බව වාර්තාවේ .
අදානි සමූහ ව්‍යාපාරය ඇතුළු මහා පරිමාණ සමාගම් සිය ව්‍යාපාරික බලය භාවිත කරමින් දුප්පත් ගොවීන්ගේ කෘෂි නිෂ්පාදනවල මිල තීරණය කිරීමේ අයිතිය ද උදුරාගනු ඇතැයි ගොවීන් බියවීම මේ විරෝධය උත්සන්න වීමට හේතුවක්ව තිබේ.
ඉන්දියාවේ ගොවි විරෝධතා ජාතික මට්ටමේ ප්‍රශ්නයක් වනු ඇතැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයද ඊයේ ප්‍රකාශයට පත්කළ අතර රජය යම් කඩිනම් පියවරක් නොගතහොත් ගොවි විරෝධතා හේතුවෙන් දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි ඉන්දීය ශේෂ්ඨාධිකරණය වැඩිදුරටත් පෙන්වා දී ඇත
රජය සමග පවතින සාකච්ඡා දිගින් දිගටම අසාර්ථක වීම හමුවේ ඉන්දියාවේ ගොවි ජනතාව අඛණ්ඩව සිය විරෝධතාවයේ නිරත වෙමින් සිටින අතර ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කළේ, විරෝධතාවට සම්බන්ධ සියලු පාර්ශව නියෝජනය වන පරිදි නියෝජිත කණ්ඩායම් පත්කර රජය සමග සාර්ථක සාකච්ඡා පවත්වා ගැටලු සමනය කර ගන්නා ලෙසය.