නවතම පුවත්

මෙරට කොරෝනා මර්ධනයට , ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් , යුරෝපා සංගමයෙන් ආධාර

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන  වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම  සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය හා  යුරෝපා සංගමය එක්ව  යුරෝ මිලියන 02 ක (රු.මිලියන 457) ක ප්‍රදානයක් ලබාදී ඇත .

එම මූල්‍යාධාර අද දින සෞඛ්‍ය අමාත්‍යාංශයේදී  යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චව්බි (Denis Chaibi) විසින්  සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වෙත භාර දුන්නේය ,

හදිසි අවස්ථාවන්හිදී රෝහල් වල ඇතිවන අවශ්‍යතාවයන් සඳහා වෛද්‍ය උපකරණ මිලදී ගැනීම් ඇතුළු කොවිඩ් මර්දන ක්‍රියාවලියේදී රෝහල් වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට මෙම අරමුදල් පරිහරණය කරන ලෙසට යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චව්බි මහතා මෙහිදී  සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් ඉල්ලා සිටියේය

එම අවස්ථාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්සේ,සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන එක්ව සිටියහ..

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්