ඉන්දීය ජනතාව වෙතින්, බිලියන දෙකක ආධාර !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඖෂධ, සහල් සහ කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොගයක් අද මෙරටට ලැබීමට නියමිතයි. ඒවායෙහි වටිනාකම රුපියල් බිලියන 02 කට අධික වනවා. ඉන්දීය ජනතාවගේ පරිත්‍යාගයක් ලෙස මෙම ඖෂධ සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙරටට පිරිනමන බවයි මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ.

තමිල්නාඩු මහ ඇමති එම් කේ ස්ටාලින් විසින් මෙම භාණ්ඩ තොගය රැගත් නෞකාව ඉකුත් බදාදා දින චෙන්නායි සිට ශ්‍රී ලංකාව වෙත පිටත්කර එවා ඇති බව ද මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළා.

May be an image of 10 people and people standing
May be an image of 9 people and people standing