ඉන්දීය නාවුක හමුදාව ශ්‍රී ලාංකික ධීවරයින්ට පහර දුන්නේ නැහැ – ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය .

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දීය නාවික හමුදාව ඊයේ (17)  ශ්‍රී ලාංකික ධීවරයන් පිරිසකට පහර දුන් බවට පළ වන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය අවධාරණය කර සිටී .

.එවැනි කිසිදු සිදුවීමක් සිදු වූ බවට වාර්තා වී  නැති බවත් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කර ඇත .

ඉන්දීය නාවික හමුදාව තම වගකීම් නිසි ලෙස  ඉටු කරන ඉතා විනයගරුක සහ වෘත්තීමය හමුදාවක් වන බවත් ඔවුන් අතින් කිසිවිටක එවැනි දෝෂ සිදුනොවන බවත් මෙම නිවේදනයේ දැක්වේ .

. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සියළු ධීවර ගැටලු, ද්විපාර්ශවීය යාන්ත්‍රණයන් සහ අවබෝධතාවයන් හරහා මානුෂීය ආකාරයකින් විසඳා ගැනීමට ඉන්දියාව දැඩිව කැප වී සිටින බවද  මෙම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ ..