ඉන්දීය ප්‍රවීණ හා සුප්‍රසිද්ධ මාධ්‍යවේදී බසන්ට් දාස්, කොරෝනාවෙන් මරුට

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දීය වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ (IFWJ) හිටපු උප සභාපතිවරයෙකු මෙන්ම එරට අතිශය ජනප්‍රිය හා සුප්‍රසිද්ධ ජනමාධ්‍යවේදියෙකු වූ  බසන්ට් දාස් මහතා කොවිඩ් රෝගයෙන්  ඇතිවූ සංකූලතා හේතුවෙන් ඊයේ ( 29) දින  පස්වරුවේ අභාවප්‍රාප්ත වී ඇත

ඉන්දීය උත්කාල් ජනමාධ්‍යවේදී   එකමුතුවේ  සභාපතිවරයෙකු ලෙසද කටයුතු කර ඇති දාස් මහතා   ඉන්දීයාවේ ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් මෙන්ම  ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන්ද  කැපී පෙනෙන සේවාවක් ඉටුකළ අයෙකි .

ඉන්දීය වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ  අභිවෘද්ධිය වෙනුවෙන්ද විශාල වැඩ කොටසක් ඉටුකර ඇති දාස් මහතා ,   එම සම්මේලනයේ සභාපති කේ වික්‍රම් රාවෝ මහතා සමග එක්ව ජාතික කවුන්සිල සැසිවාරයන් කිහිපයක්ම සංවිධානය කර ඇත .

මියයන විට 81 වෙනි වියේ පසුවූ ඒ මහතා ඉන්දියාවේ ඔරිස්සා හි ගුවාහටි ප්‍රදේශයේ පදිංචිව සිටි අතර ඔහු කල්කටාවේ අම්රිතා බසාරා පත්‍රිකා පුවත්පතේ මෙන්ම ජුගන්තර් සමූහ ව්‍යපාරයේද ප්‍රධානියා ලෙස කටයුතු කළේය .

241