නවතම පුවත්

ඉන්දීය මුදල් ඇමතිනිය යාපනයේ සංචාරයක .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය අද (03) යාපනයේ සංචාරයක නිරත වී තිබේ.

ඉන්දීය මුදල් අමාත්‍යවරිය යාපනයේ නව තාක්ෂණ හා නිපැයුම් වෙළෙඳ ප්‍රදර්ශනය නිරීක්ෂණයට සහභාගි වී ඇති අතර, එහි දී ඇය ව උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය විසින් පිළිගෙන ඇති බව වාර්තාවේ .

.

යාපනය පුස්තකාලය හා නල්ලූර් කෝවිල නිරීක්ෂණය කළ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය යාපනය ප්‍රදේශයේ ඉදි කළ ඉන්දීය අයෝජන බැංකු ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට ද එක් ව තිබිණි.

අනතුරු ව යාපනය සංස්කෘතික ශාලාවේ දී උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය සහ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය අතර හමුවක් සිදු ව ඇති අතර, එම අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා, රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඇතුළු පිරිසක් ද එක් ව සිටි බව සඳහන්ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්