ඉන්දීය විදෙස් ඇමති හෙට දිවයිනට !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා තුන් දින නිළ සංචාරයක් සඳහා හෙට දින මෙරටට පැමිණීමට නියමිතය .

ඒ අනුව එමහතා ලබන 30 දක්වා මෙරට රැඳී සිටිනු ඇති අතර එහිදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව එකඟතාවයකට පැමිණීමට නියමිත බවද වාර්තාවේ.

එසේම මෙරටදී හෙට ආරම්භවන බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව සඳහා බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ සමුළුව හෙවත් බිම්ස්ටෙක් (BIMSTEC) සමුළුවටද ඉන්දීය විදෙස් ඇමතිවරයා සහභාගිවනු ඇති බව මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කර සිටී .