නවතම පුවත්

ඉන්දීය-ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය පිහිටුවයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ 9 වැනි පාර්ලිමේන්තුව සඳහා වන ඉන්දියානු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පිහිටුවනු ලැබිණි. රැස්වීමේ ගෞරවනීය ආරාධිතයා ලෙස ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගරු ගෝපාල් බග්ලේමහතාට ආරාධනා කරන ලදී.

මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 100 කට අධික පිරිසක් සහභාගී වූ අතර මැති ඇමතිවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද ඊට ඇතුළත් විය. පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයක් පිහිටුවීම සඳහා තමන් දුටු වැඩිම සහභාගීවන්නන්පිරිස මෙය බව රැස්වීමේ දී කථිකයෝ අවධාරණය කළහ. මෙය ඉන්දු-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතාවයේ ශක්තිමත්භාවය පිළිබඳ සාක්ෂියක් ලෙස ඉස්මතු විය.

. රැස්වීමේදී වාරිමාර්ග අමාත්‍ය සහ ජාතික ආරක්ෂාව සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මහතා සංගමයේ සභාපතිවරයා ලෙස තේරී පත් විය. සංගමයේ උප සභාපතිවරුන් ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්මහතා, එම්.ඒ සුමන්තිරන් මහතා සහ ආචාර්ය වී.රාධක්‍රිෂ්ණන් මහතා තේරී පත් විය. තවද, ලේකම්සහසහකාර ලේකම් ලෙස පිළිවෙළින් පාර්ලිමේන්තු මන්ත්‍රීගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ගරු ජීවන් තොණ්ඩමන් මහතා තේරී පත් වූහ. එම සංගමයේ භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතා තේරී පත් විය.

උත්සවයේදී අදහස් දැක්වූ ගරු විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතරපවතින සමීප ශිෂ්ටාචාර සබඳතාවයන් පිළිබඳ ඉස්මතු කළේය. ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් ශ්‍රේෂ්ඨතම දායාදය බුදුදහම බව ද පෙන්වා දුන් ඔහු දෙරට අතර මිනිසුන්- මිනිසුන් සම්බන්ධ වීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

මහ කොමසාරිස්වරයා සිය අදහස් දැක්වීමේදී, සංගමයේ සාමාජිකත්වය සම්බන්ධයෙන් සභාපතිවරයාට සහ නිලධාරී මණ්ඩලයට සුබ පැතුම් එක් කළේය. සංගමය පිහිටුවීම තුළින් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් දෙක අතර පාර්ලිමේන්තු හුවමාරු සහ අන්තර්ක්‍රියා යළි ප්‍රබෝධමත් වනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කළේය. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් බෙදාහදා ගැනීම, පොදු අභියෝගවලට එරෙහිව සහයෝගීතාව, මිනිසුන්- මිනිසුන් අතර සම්බන්ධතාව වැඩි දියුණු කිරීම, වැඩි ආර්ථික මැදිහත්වීම දිරිමත් කිරීම, සංස්කෘතික සම්බන්ධතාවය ශක්තිමත් කිරීම සහ සංවර්ධන හවුල්කාරිත්වයේ ඵල බෙදාගැනීමඇතුළු ක්ෂේත්‍ර හයක් තුළ ජාතීන් දෙක අතර බහුවිධ ද්විපාර්ශ්වික සබඳතාව ශක්තිමත් කිරීමට මෙය තවදුරටත් උපකාරී වනු ඇතැයි ඔහු පැවසීය. මහ කොමසාරිස්වරයා විසින් ලෝක් සභාවේ කථානායක ගරු ඕම් බිර්ලා විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායකතුමා වෙත සිය හෘදයාංගම සුබපැතුම් පිරිනමන ලද පණිවිඩයක උපුටා ගැනීම් ද කියවන ලදී.

******

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්