නවතම පුවත්

ඉන්දීය සංස්කෘතික කේන්ද්‍රයේ තබ්ලා ප්‍රසංගය 21 දා සජීවීව !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

ලෝක සංගීත දිනය නිමිති කරගනිමින් ලබන 21  දින අන්තර්ජාලය ඔස්සේ විශේෂ තබ්ලා වාදන  ප්‍රසංගයක් පැවැත්වීමට මෙරට ඉන්දීය සංස්කෘතික කේන්ද්‍රය හෙවත් ස්වාමි විවේකානන්ද සංස්කෘතික කේන්ද්‍රය කටයුතු යොදා ඇත .

සංස්කෘතික කේන්ද්‍රයේ ෆේස් බුක් පිටුව හරහා 21 දින සවස 6 ට මෙම තබ්ලා ප්‍රසංගය ආරම්භවීමට නියමිතව ඇත .

ඔස්කාර් සම්මානයට පවා නිර්දේශ වුනු ඉන්දියාවේ බිහිවුණු  විශිෂ්ඨතම සංගීතඥයකු වන පණ්ඩිත් චතුර් ලාල් ගේ මුනුබුරෙකු වන ප්‍රාන්ෂු චතුර් ලාල් විසින් මෙම තබ්ලා ප්‍රසංගය ඉදිරිපත්කරන බවද ඉන්දීය සංස්කෘතික කේන්ද්‍රය සඳහන් කර සිටී .

ඉන්දීය සංගීතයේ මහා සම්ප්‍රදායේ පරම්පරාව තවදුරටත් ඉදිරියට ගෙන යමින් ප්රාන්ෂු  චතුර් ලාල් ඔහුගේ පියා සහ 
ගුරු පණ්ඩිත් චරංජිත් චතුර්ලාල් යටතේ පුහුණුව ලබා ඇත.

සාම්ප්‍රදායික ශෛලියේ නූතනයට ගැලපෙන ලෙස නව්‍යකරනයටද ලක්කරමින් නව නිර්මාණ සිදුකරන ප්‍රාන්ෂු ලාල්ගේ  සමහර කෘතිවලට තබ්ලා, බටහිර ඩ්‍රම්ස්, තුර්කි ඩ්‍රම් ‘දර්බුකා’ සහ කොරියානු ඩ්‍රම්ස් ද ඇතුළත් වේ .

ඔහු පණ්ඩිත් හරී ප්‍රසාද් චෞරාෂියා, උස්තාද් අම්ජාඩ් අලි ඛාන්, පණ්ඩිත් බිර්ජු මහරාජ්, ග්‍රැමී සම්මානලාභී පණ්ඩිත් විශ්වමෝහන් භට් රාජන් සහ සාජන් මිශ්‍ර, ශ්‍රී අමාන් සහ අයාන් අලි බන්ගාෂ්,මෙන්ම ඇමරිකානු සක්සෆොන් වාදක  ජෝර්ජ් බකොස් , කොරියානු ඩ්‍රම්ස් වාදක  පාක්-අයින්-හා සහ මෙක්සිකානු බටනලා ශිල්පී  හොරාසියෝ ෆ්‍රැන්කෝ.සමගද ප්‍රසංගවලට සහභාගී වී ඇත .
.මෙම ප්‍රසංගය නැරඹීමට  https://www.facebook.com/ICCRSriLanka. යන මුහුණු පොතේ ලිපිනය ඔස්සේ  එක්වන ලෙස ඉන්දීය සංස්කෘතික කේන්ද්‍රය මෙරට  සියලුම සංගීත ලෝලීන්ට විවෘත ආරාධනාවක් කරයි.

වැඩිදුර විස්තර  : 2684698 යන දුරකථන අංකයෙන් හෝ   [email protected].යන ඊමේල් ලිපිනයෙන් ලබාගත හැක

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්