ඉන්දුනීසියාවේ කිතුනු දේවස්ථානයකට බෝම්බ ප්‍රහාරයක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දුනීසියාවේ මකසාර් නගරයේ කිතුනු දේවස්ථානයක් අසල බෝම්බ ප්‍රහාරයක් සිදුව තිබේ.

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් මෙලෙස සිදුව ඇති බවට වාර්තා වන අතර ප්‍රහාරයෙන් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත .

ඉන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද සඳහන් ය.

ප්‍රහාරකයා එම දේවස්ථානයට ඇතුළුවීමට උත්සහ කිරීමේදී ආරක්ෂ අංශ විසින් ඔහු පරීක්ෂා කිරීමට උත්සහ දරා ඇති අතර එහිදී බෝම්බය පුපුරුවාගෙන ඇති බවටද  විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත .