ඉන්දුනීසියාවේ නැගෙනහිර සේරම් දූපත් ආශ්‍රිතව සිදුවූ භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 30ක් මියගොස් 156 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
අද සිදුවූ භූ කම්පනය සටහන් වී ඇත්තේ රිච්ටර් මාපකයේ ඒකක 6.5ක් ලෙසයි.
පුද්ගලයන් 25000ක් පමණ කඩිනම් ආරක්ෂිත ස්ථාන කරා යවා ඇතැයි එරට වාර්තා පවසයි.
භූ කම්පනයෙන් බලපෑමට ලක්වූ පුද්ගලයන් ගලවාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.