ඉන්දු චීන සබඳතා අයහපත් අතට !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

තම රට සහ චීනය අතර වන සබදතා දිනෙන් දිනම අයහපත් තත්වයකට හැරෙමින් ඇතැයි ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් මහතා පවසයි .

ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙම අදහස් පළකර ඇත්තේ සිංගප්පූරුවේ පැවති සමුලුවක් අමතමිනි

එහිදී ඔහු සදහන් කර ඇත්තේ කිසිදු පැහැදිලි සහ නිශ්චිත හේතුවක් නොමැතිව චීනය විසින් දෙරට අතර වන එකගතා කඩකරමින් ඇති බවය.

චීනය විසින් පසුගිය වසරේදී නැගෙනහිර ලඩාක් දේශසීමා බිද දමමින් ඉන්දියාවට ඇතුළු වූ බවට චෝදනා එල්ල විය

පසුව පැවති සාකච්ඡාවලින් අනතුරැව යළි සුපුරුදු ස්ථාන වෙත යමින් දේශසීමාවේ සාමය පවත්වාගෙනයාමට දෙපාර්ශවය එකගවිය

එහෙත් පැහැදිලි හේතුවක් නොමැතිව චීනය එම එකගතා නිසි පරිද ඉටු නොකරන බවට ඉන්දියාව දිගින් දිගටම චෝදනා කරමින් සිටී