නවතම පුවත්

ඉන්දු-ලංකා ආගමික සබඳතාව තවත් ශක්තිමත් වෙනවා – ඉන්දු මහකොමසාරිස්

අසංක

අසංක

ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ ජනතාව අතර පවතින, බුදු දහමින් පෝෂණය වූ සබදතාව දිනෙන් දින ශක්තිමත්වෙමින් ඇති බව මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් භාග්ලේ මහතා ප්‍රකාශ කර සිටී.

ඉන්දීය ජනතාව ඇතුළු සමස්ත ලෝක වාසීන් කොරෝනා වෛරසයෙන් නිදහස් වේවායි පතමින් ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය සහ ශ්‍රී ලංකා මහබෝධි සංගමය එක්ව සංවිධානය කළ බෞද්ධාගමික සෙත් පූජා පුණ්‍ය උත්සවයට එක්වෙමින් මහකොමසාරිස්වරයා මේ බව පැවසීය .

මාළිගාකන්ද අග්‍රශ්‍රාවක මහාවිහාරයේදී පැවති මෙම පුණ්‍ය උත්සවයට සමගාමීව ඉටිපහන් ආලෝක පූජාවක්ද පැවැත්වින .

ඉන්දියානු හා ශ්‍රී ලාංකික ජනතාව , අතර ආත්මීය බැඳීමක් පවතින බවත් එම බැඳීම ශක්තිමත් වීමට බුදු දහම බෙහෙවින් ඉවහල් වී ඇති බවත් මහා කොමසාරි වරයා මෙහිදී සඳහන් කළේය .

ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන් හා මාධ්‍යවේදීන් එක්ව මෙසේ ඉන්දීය ජනතාවට සෙත් පැතීම සඳහා එක්වීම ඉතා අගය කර සලකන බවත් ගෝපාල් භාග්ලේ මහතා මෙහිදී සඳහන් කළේය .

මෙහිදී අනුශාසනාවක් කරමින් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති , ඉන්දියාවේ සාංචි විහාරාධිපති , ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ සඳහන් කර සිටියේ , ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින සංස්කෘතික හා ඓතිහාසික සබඳතා ඉතාමත් ඈත අතීතයට දිව යන බවයි.

මේ සබඳතා හේතුවෙන්ම දෙරටෙහි ජනතාව අතරද විශාල මිත්‍රත්වයක් ගොඩ නැගී ඇති බවත් , එබැවින් ඉන්දීය ජනතාව කොරෝනා වසංගතයෙන් විශාල වශයෙන් පීඩා විඳින මෙවන් අවස්ථාවක ඔවුන් වෙනුවෙන සෙත් පැතීමට එක්වීම ශ්‍රී ලාංකික බෞද්ධයින්ගේ යුතුකමක් සේ සලකන බවත් උන්වහන්සේ මෙහිදී පැවසීය.

ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ සභාපති උපුල් ජනක ජයසිංහ මහතා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කර සිටියේ ඉන්දියානු හා ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් අතර ඇති සබඳතාවයද ඉතා ශක්තිමත් එකක් වන බවයි .

මෙරට ඉන්දියානු සංස්කෘතික කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ වික්‍රම් සිං මහතා , ඉන්දියානු මහා කොමසාරිස්කාර්යාලයේ පළමු ලේකම් නේහා සිං මහත්මිය , ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ අනුශාසක අචාර්ය අමිල කන්කානම්ගේ මහතා , එම සංගමයේ මහා ලේකම් පැතුම් වික්‍රමරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්