නවතම පුවත්

ඉන්දු – ලංකා ඒකාබද්ධ සංගීතමය ‘මෙහෙයුම’ – “SiHiTa Fest 2023”

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ගායක ගායිකාවන් හා සංගීතඥයින් එකම වේදිකාවකට සජීවීව ගෙන එමින් මෙරට සංගීත ලෝලීන්ට සුවිශේෂී හා අති දැවැන්ත සංගීතය අත්දැකීමක් ලබාදෙන SiHiTa Fest 2023 ප්‍රසංගය ලබන 18 දින සවස 6යේ සිට කොළඹ වරාය නගර පරිශ්‍රයේදී පැවැත්වේ .

දකුණු ඉන්දියාවේ සුප්‍රසිද්ධ රංගන ශිල්පියෙකු මෙන්ම නිෂ්පාදකයෙකු හා සංගීත අධ්‍යක්ෂකවරයෙකු වන රුද්‍රා නුෆායිස් ගේ Nabeeha Movie Productions ආයතනය මෙම ප්‍රසංගයේ සංවිධාන කටයුතු සිදුකරයි . දෙරට අතර සමාජ සංස්කෘතික සබඳතා වර්ධනය කරන අතරම දෙරට අතර සංචාරක කර්මාන්තයද නැංවීමේ අරමුණින් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයද (SLTPB) මෙම ප්‍රසංගය සඳහා සිය අනුග්‍රහය ලබාදී ඇත.

. සුප්‍රසිද්ධ ඉන්දීය ගායක ශ්‍රී නිවාස් දොරෙයිස්වාමි මෙම ප්‍රසංගයේ ප්‍රධාන ආකර්ෂණය වන අතර, ශාරන්යා ශ්‍රීනිවාස්, වෙල්මුරුගන්, රුද්‍රා, ටහේර්, සෘති භිඩේ, වැනි එරට සුප්‍රසිද්ධ ගායන තරු රැසක්ම මෙම ප්‍රසංගයේදී ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාට දැකගත හැකිවනු ඇත . එසේම මෙරට ජනප්‍රිය සංගීතවේදීන් වන උමාරා, දුලාන් , ඉරාජ්, සතීෂන් වැනි විශිෂ්ට ශිල්පීන් ද මෙහිදී ගීත ගායනය කරනු ඇත .

ගීත හා සංගීතාංග පමණක් නොව දෙරටෙහිම සංස්කෘතිය නියෝජනය කරන , ආහාර ප්‍රදර්ශන , චිත්‍රපට සහ නැටුම් ද මෙම ප්‍රසංගයට එක්ව ඇති අතර , ඉන්දියානු ඉන්ද්‍රජාලික මැජික් ශිල්පී හරිදාස්ගේ ඇදහිය නොහැකි මැජික් උපක්‍රමද මෙම ප්‍රසංගය වර්ණවත් කරනු ඇත .

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම ප්‍රසංගයේ ප්‍රධාන සංවිධායක සහ අධ්‍යක්ෂ .රුද්‍රා නුෆායිස් (Rudhraa Nufais) මහතා, පැවසුවේ මෙම ප්‍රසංගය අතිවිශිෂ්ට සංගීත සංදර්ශනයක් පමණක් නොව ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයට කදිම අවස්ථාවක් බවය . එසේම ශ්‍රී ලාංකේය ගායක ගායිකාවන්ට හා සංගීතඥයන්ට , ප්‍රමුඛ පෙලේ ඉන්දීය කලාශිල්පීන් සමග එකට එක්ව වැඩ කටයුතු කිරීමට ලැබෙන මෙම අවස්ථාවද ඉතා වටිනා හා වැදගත් කරුණක් බව ඔහු පැවසීය . එමඟින් ඔවුන්ට ඉන්දියානු කලා හා සංගීත ක්ෂේත්‍රයට ඇතුළු වීමටද මහඟු අවස්තාවක් උදාවන බව රුද්‍රා මහතා පැවසීය .

ප්‍රසංගයේ ප්‍රවේශපත්‍ර අන්තරජාලය හරහා මාර්ගගතව ලබා ගත හැකි අතර ප්‍රවේශපත්‍ර කාණ්ඩ තුනක් ඇත: VVIP සුපිරි ආසනය ( රු 10,000), VIP Ultra Seat (රු. 7000), සහ Gold Standing රු 3000). වැඩි විස්තර සහ ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීම සඳහා WhatsApp හෝ දුරකථන ඇමතුමක් හරහා උත්සව සංවිධායකයින් සම්බන්ධ කර ගැනීමට හෝ Facebook සහ Instagram හි SiHiTa Fest පිටුවට එක්විය හැක .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්