නවතම පුවත්

ඉන්දු-ලංකා මුදල් ඇමතිවරු දිල්ලියේදී සාකච්ඡාවක

Roshan

Roshan

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ඉන්දියාවේ නිල සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය අතර ඊයේ (01) නවදිල්ලියේ දී සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදී ඉන්දියාව සමඟ ආර්ථික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමේ ක්‍රම පිළිබඳ සොයාබැලුණු අතර ඉන්දියාව සිය ආර්ථික සහයෝගීතා වැඩසටහන් හරහා විවිධ ක්ෂේත්‍ර ගණනාවකින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති සහයෝගය පිළිබඳව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී ස්තුතිය පුද කළේය.

වෘත්තියෙන් ආර්ථික විද්‍යාඥවරියක් වන නිර්මලා සීතාරාමන් මහත්මිය 2019 මැයි මාසයේ සිට ඉන්දියාවේ මුදල් හා ආයතනික කටයුතු අමාත්‍යවරිය ලෙස කටයුතු කර ඇත.

ඊට පෙර ඇය 2017 සිට 2019 දක්වා එරට ආරක්ෂක අමාත්‍යවරිය ලෙස කටයුතු කළාය. සීතාරාමන් මහත්මිය මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සහ වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශයේ ස්වාධීන රාජ්‍ය අමාත්‍යවරිය ලෙස ද කටයුතු කර ඇත.

භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල ආටිගල මහතා, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඇතුළු නිලධාරීහු ද සාකච්ඡාවට සහභාගි වූහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්