ශ්‍රී ලංකාවට දියර වෛද්‍ය ඔක්සිජන් ටොන් 100 ක් රැගෙන ඉන්දියානු නාවික යාත්‍රාවක් වන ශක්ති නෞකාව වීසාග් සිට ශ්‍රී ලංකාව බලා පිටත් වෙයි.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ‘ශක්ති’ නෞකාව ද චෙන්නායි සිට ඔක්සිජන් ටොන් 40 ක් රැගෙන පිටත්වී ඇති බව ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය පවසයි.
මෙම ඔක්සිජන් තොග මෙරට කොවිඩ් රෝගීන්ගේ ශ්වසන අවශ්‍යතා සඳහා රැගෙන එයි.
මෙරට තුළ ඔක්සිජන් නිපදවනු ලබන අතර වැඩිවන කොවිඩ් රෝගීන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් මෙම හදිසි ඇනවුම ශ්‍රී ලංකා රජය විසින් කර තිබුණි.