නවතම පුවත්

රට වහනවානම් , වැටුපෙන් කොටසක් පරිත්‍යාග කරන්නත් සූදානම් වන්න !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පවතින කොවිඩ් ව්‍යාප්තිය හමුවේ යම් හෙයකින් රට වසා දැමීමට රජය , තීරණයක් ගන්නේ නම් ,සෞඛ්‍ය, ආරක්ෂක ඇතුළුව වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට කැපවී සිටින කේෂ්ත්‍ර හැර රටේ  සෙසු කේෂ්ත්‍රවල වැටුප්වලින් කොටසක්  රටේ  ආර්ථිකයට පරිත්‍යාගයක් ලෙස ලබාගත යුතු බව   සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා යෝජනා කර සිටී .

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් රණතුංග මහතා මෙම යෝජනාව කර ඇත

රට අඟුලු දා තිබෙන කාලසීමාවේදී තමන් ද ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුපෙන් 75% ක්, රාජ්‍ය හා පෞද්ගලික සේවකයින්ගේ සේවකයන්ගේ වැටුපෙන් 50%ක් සහ සුළු කම්කරුවන්ගේ වැටුපෙන් 30%ක් පරිත්‍යාග කරමින් දායකත්වය දැක්වීමට යෝජනා කරන බවත් එම වැඩපිළිවෙළ සඳහා තමාගේ දායකත්වය ලබාදීමට තමන් සූදානම් බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග යැවු ලිපියේ සඳහන් වේ..

රට අගුලු දමා ඇති කාල සීමාවේදී මාසික වේතනයක් නොලබන ජනතාව රැක ගැනීම වෙනුවෙන් වැඩ පිළිවෙලක් අවශ්‍ය බව මෙහිදී අමාත්‍යවරයා එම ලිපියෙන් කරුණු දක්වා ඇත.

කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ රට වසා දමන්නැයි විපක්ෂය ගෙන යන ප්‍රචාරාත්මක වැඩපිළිවෙළට මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින් ද, සම්බන්ධ වෙමින් පවතින බවත් නිසි අරමුණක් නොමැතිව, අනාගත දැක්මක් නොමැතිව වසංගත තත්ත්වය සම්බන්ධයෙන් කටයුතු කරන විපක්ෂය බලා සිටින්නේ වසංගතයට මුවාවී හෝ බලය ලබා ගැනීමට බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

කැඩුණු විසුරුණු විපක්ෂය වසංගත තත්වය හමුවේ සංවේදීව සිටින ජනතාවගේ මනස බලය පෙරලීම දක්වා ක්‍රමානුකුලව හැඩගස්වන වැඩපිළිවෙළක් අපූරුවට ක්‍රියාත්මක කරමින් සිටින බවත්, වසංගතය යම්තාක් දුරට පාලනය කරගෙන තිබුනු අවස්තාවේ විපක්ෂයේ අනුදැනුම ඇතිව උද්ඝෝෂණ පෙළපාලි රැසක් සංවිධානය කෙරුණ බවත් සීඝ්‍ර පැතිරීමක් ඇති ඩෙල්ටා ප්‍රභේදය මෙරටින් වාර්තා වී තිබියදීත් සෞඛ්‍ය උපදෙස් නොපිලිපදිමින් ජන ඒකරාශිවීම් සංවිධානය කලේ ජන ජීවිතවල වටිනාකම නොතකමින් බව අමාත්‍යවරයා එම ලිපියෙන් පෙන්වා දී ඇත.

මෙවර වසංගත ව්‍යාප්තියට විපක්ෂය සම්පූර්ණයෙන් වගකිව යුතු බවත් ලෝකයම වසංගතයකට මුහුණ දී, ඊට නිසි විසඳුමක් නොමැතිව සිටින අවස්ථාවක වගකීම් විරහිතව කටයුතු කරන විපක්ෂය වසංගතය පාලනය කිරීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නොමැති බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

රට අඟුළු දමන ලෙස යෝජනා කරන වෘත්තීය සමිතිවල අයට රට අඟුලු දැමුවත් වැටුප් ලැබෙන නිසා කිසිදු ආර්ථික අපහසු තාවයක් ඇති නොවන බවත් තමන් ද ඇතුළුව ඔවුන්ට පඩි ගෙවීමට අති විශාල මුදලක් වෙන්කිරීමට රජයට සිදු වන බව අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්